සාතන්ගේ දියණියෝ
Wir Kinder Vom Bahnhof Zoo
රචනය - Christiane F.
පරිවර්තනය - රංජිත් කුරුප්පු
රංජිත් කුරුප්පු මහතාගේ විශිෂ්ඨ පරිවර්තනයක් ලෙස හැදින්විය හැකි, මෙම පොත කියවන්නැයි මා හට
නිර්දේශකල ඒ ඇය පැවසු වචන ටිකකින්ම මගේ ටිකාව සදහා මුල්ගල් තබමි.
"ඔය පොත කියවන්න ඕන අපිනෙමේ ... අපේ දෙමව්පියෝයි !
ඔවා කියවේවහමවත් ඒගොල්ලන්ට තේරෙයි අපි කොච්චර වටිනවද කියලා "
ඇත්තෙන්ම මෙය සත්‍යයකි.අපරටේ තාරුණ්‍ය විශාල වශයෙන් ඇබ්බැහි නොවුනත්.......
හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය භාවිතයෙන් තම ජීවිතය අගාධයකට ඇද දමාගන්නා ක්‍රිස්ටියානා නැමැති දහතුන්
හැවිරිදි දැරිය වටා ගෙතෙන අනුවේදනීය කථා පුවතක් ලෙස හැදින්විය හැක.
"ක්‍රිස්ටියානා පෙත්තක් ට්‍රයි කරලා බලන්න කැමතිද...? මම ඔයාට පෙති භාගයක් දෙන්නෙම්.. ඉස්සෙල්ලාම
හින්ද ඒ ඇති..." පිට් එසේ කියමින් සිල්සිලි කොළයක ඔතා තිබු යමක් මා අත තැබුවේය.මා එසේ විවෘත කොට
බැලූ විට දුටුවේ ඇසට නොපෙනෙන තරම් කුඩා කළු තිතක් වැනි දෙයකි. ඔවුන් ඉදිරිපිට එය පානය කිරීමට
මා තුල චකිතයක් ඇති වුයෙන් මම වැසිකිළියට ගොස් එය පානය කළෙමි..."
මෙය ක්රිස්ටියානාගේ තනි තටුවෙන් ඉගිලීමට ගන්නාවූ උත්සහයක් ලෙස නොසිතමි.මෙය
ද්විපාර්ශ්වික හො බහුපාර්ශවීකව ලැබෙන්නා වූ ආලයක බිදීමක් නිසා ලැබුනාවූ ප්‍රතිපලයක් ලෙස සිතිය හැක.
දියණියක හා මවක අතර තිබෙන්නා වූ සම්බන්ධතා ඇත්විම තාරුණ්‍යයට පණ පොවමින් සිටින තනිවූ
දියණියක් නව සතුටක් සොයා යාම...සහ එම පරීක්ෂණයේදී ලැබගන්නා වූ ප්රසාදිතය දිරවාගැනීමට නොහැකි
කමින් ඇබ්බැහියට ලක්වීම මානව දැක්වේ.
කුඩාබෙලෙක්කයක් තුල සිරවී සිටින්නාක් මෙන් දැනෙන්නට වූ අතර, කිසියම් අයෙක් විශාල හැන්දකින්
මා බෙලෙක්කය තුලින් එළියට ඇද දමන්නට තැත් කරනවා මෙන් මට දැනෙන්නට විය.වේගයෙන් ඇදීයන
දුම්රියේන් නැගුණ ශබ්දය මට දරාගන්නට නොහැකි තරම් විය.දුම්රිය තුල වූ මගීන්ගේ මුහුණු මට පෙනුණේ
විකෘති ආකාරයකට වූ අතර, ඒ දර්ශනය මා තුල බියක් ඇතිකළේය.මා තුල ඇතිවී තිබු විපර්යාසය ගැන මම
කිසිවෙකුටත් නොකීවෙමි.මට අවශ්‍ය වී තිබුණේ මතත් සමග මා අවතීර්ණ වී සිටින මේ අරුම පුදුම ලෝකයේ
හුදෙකලා වීමටය...."
අරමුණ මරණය නම්...
තම ඒකායන අරමුණ මුදුන්පත් කර ගැනීමට වෙර දරන ඇය,
පළමුව අතටත් දෙවනුව කටටත් අවසානයේදී සියල්ලටත් විකිනෙන තත්වයට පත්වන්නේ තමන්ගේ
ජන්කියෙකු ලෙස ගෙවන ජිවිතයේ අවසාන ප්‍රථිපලය ගැන දැන දැනය.විටෙක කරුම්මක්කාර හැසිරීමෙන්
ඇත් වන්නට වෙර දරණ ඇය....නැවතත් එම වලෙහිම වැටෙයි.
"ඇහුණද ඩේට්ලෙෆ්.... අපි හෙරොයින් ගන්න එක නතර කරන්න ඕනැ."
පසු දින පාන්දර මම අවදි වුනෙමි, හිරු එළිය යාන්තමින් ජනේලය හරහා කාමරයට ගලා එමින් තිබුණි.
අපි නැවතත් තුරුලු වී එකිනෙකාගේ අගපසග පිරිමදින්නටවූ අතර, එක වරම ඩේට්ලෙෆ් මගේ සිරුර උඩ
නැග රමණයේ යෙදෙන්නට පටන් ගත්තේය.
පසුදින පාසල අහවර වූ පසු මම සු දුම්රියපොළට ගියෙමි.දින තුනක් පමණ හෙරොයින් නොමැති ව සිටීම
හේතුකොටගෙන හෙරොයින් එන්නතක් ගැනීමට මාතුල මහත් වුවමනාවක් ඇති වී තිබුණි.
"ඔයා ළග කුඩු ටිකක් නැද්ද?" මම ඩෙට්ලෙෆ් ගෙන් ඇසුවෙමි.
"ඔයාට දෙන්න මා ලග ඇති කුඩක් නැ....මිට පස්සේ මගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා...මම ඔයාට
ආදරෙයි, ඒ හින්ද මම කැමති නැ ඔයා ජන්කියෙකු වෙනවා දකින්න"
මෙහිදී කෙතරම් උත්සහයක් ගත්තත්, තමන්ගේ "ඇබ්බැහිය" වලකාලීමට ඇයට හැකිවන්නේ නැත.
එයට හේතුකාරකවන නේකාවිධ බලපෑම් ඇය අවට සහ තම මනසේම හොල්මන් කරයි...!
"මා ගිය පසු තවත් ඔබලාට කරදර කරන්නට කෙනෙක් නොමැත.
මා සමීපව සිට මට ආදරය කල සිමොන...
ඔබට ආයුබෝවන් !!! "
සාතන්ගේ දියණියෝ කෘතියේදී යම් ආකාරයක අශුභ ක්‍රියාවක් මා දුටුවේනම්, මෙහි සියළුම මත්ද්‍රව්‍ය වල
නම් එලෙසින්ම භාවිතා කිරීමයි.ඇතැම්විට මෙම ආත්ම වර්ජනාවට හරයක් මමගින් ලැබී ඇති අතර,
මදන මොද්කයෙන්, මලෙන් පටන්ගන්නා අපේ කොළුවනට මෙහි ඇති වට්ටෝරු දිව ඔසු වනු
නොවනුමානය.
පොත ගැන....
පිටු- 250
ප්රකාශනය- ෆාස්ට් පබ්ලිෂින් / සුරස පොතක්


2 comments:
හොඳ කියන්නට මල් මාල දමන්නට දහසකුත් එකක් දෙනා පෝළිම් ගැහේවි. පියවරු දාහක් ඉන්න ජයග්‍රහනයට තවත් එක අයිතිකාරයෙක් වෙන්න මට ඕන නැති නිසාම සහ පරාජයට ඕප පාතික වෙන්න ඉඩ දෙන්න හිතක් නැති නිසාම මම අඩු පාඩු වලින් පටන් ගන්නම්.
පළවෙනිම දේ... මේ විචාරය වැටහෙන්නේ පොත කියවලා තියෙන අයට විතරයි. ඒක අවුලක්. මම කියන්නේ නෑ මුලු කථාවෙම සාරංශය මෙතන දාලා පොත කියවන්න කලින් පොත ගැන සම්පූර්න චිත්‍රයක් මවන්න ඕන කියලා. ඒත් මීට වඩා යම් තරමක හැඳින්වීමක් දෙන්න ඕන.
අටුවා ටීකා පුද්ගල බද්ධ වන නිසාම මේකෙ අන්තර්ගතය ගැන මම කථා කරන්නේ නෑ. මේ ඔයාට හිතෙන හැටි.. තව කෙනෙක්ට ඇබ්බැහිය සහ ක්‍රිස්ටීනාව වෙනස් විදියකට පෙනේවි.
හිතේ 90% ක් දේවල් තියාගෙන 10% ක් ලියන්න එපා. එතකොට කියවන්නාට තේරෙන්නේ එයිනුත් 1% යි. ඒ නිසා හිතේ 10%ක් තියාගෙන 90%ක් ලියන්න. එතකොට කියවන කෙනා 50% ක් තේරුම් ගනී ඔයා කියන්න උත්සාහ කල දෙයින්. 100%ක්ම ලියන එකත් තේරුමක් නෑ මොකද අර මම කිව්ව අපිටම විතරක් වැටහෙන 10% කිසි කෙනෙක්ට නොතේරෙන නිසා ..
ඔන්න මගේ ටිප්පනිය ...වැඩි වැඩියෙන් ලියන්න.. ලිවීමෙන් හිතට ලැබෙන නිදහස අනන්තයි ... ජය.. !!
පළවෙනි ජේදයට - මල් මාල වලට වඩා ලැබෙන එකමලක් සහ ගල් ලෝඩ් එකකින් මාව ශක්තිමත් වෙන බව ඔබ දන්නවා !
දෙවෙනි ජේදයට - පිළිගන්නම්! මට මෙතැනදී ලොකු සාරාංශයක් දෙන්න උවමනාවක් තිබ්බේනැ... කියවන්නාට පොත කියවලාම තේරුම් ගන්න කියන මානසිකත්වයක මම හිටියේ. ඒත් ඔබ කියුව විදිහට මේට වඩා යමක් ලියන්න වගබලා ගන්නම්.. :)
තුන්වන ජේදයට - මම කැමතියි ඔයාට දැනෙන දේත් දැනගන්න... එතකොට මේ පොත කියවන තුන්වන පාර්ශවයකටත් තව හොදට තේරුම් ගන්න පුළුවන් වගේම.මේ "අටුවා ටීකා" කියවන්නන්ට ඔවුන්ගේ අදහසුත් ඒක් කරන්න හිතෙයිනේ...
හතරවන ජේදයට - සරලවම කියුවොත් "තව කාලයක් යයි නේද "
අන්තිම ජේදයට - බොහොමත්ම පින් මංගල කමෙන්ටුවට :)
Post a Comment