සාතන්ගේ දියණියෝ

Monday, May 13, 2013

2 comments

සාතන්ගේ දියණියෝ

Wir Kinder Vom Bahnhof Zoo



රචනය - Christiane F.
පරිවර්තනය - රංජිත් කුරුප්පු

        රංජිත් කුරුප්පු මහතාගේ විශිෂ්ඨ පරිවර්තනයක් ලෙස හැදින්විය හැකි, මෙම පොත කියවන්නැයි මා හට
 නිර්දේශකල ඒ ඇය පැවසු වචන ටිකකින්ම මගේ ටිකාව සදහා මුල්ගල් තබමි.

"ඔය පොත කියවන්න ඕන අපිනෙමේ ... අපේ දෙමව්පියෝයි ! 
ඔවා කියවේවහමවත් ඒගොල්ලන්ට තේරෙයි අපි කොච්චර වටිනවද කියලා "


       ඇත්තෙන්ම මෙය සත්‍යයකි.අපරටේ තාරුණ්‍ය විශාල වශයෙන් ඇබ්බැහි නොවුනත්.......

හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය භාවිතයෙන් තම ජීවිතය අගාධයකට ඇද දමාගන්නා ක්‍රිස්ටියානා නැමැති දහතුන් 
හැවිරිදි දැරිය වටා ගෙතෙන අනුවේදනීය කථා පුවතක් ලෙස හැදින්විය හැක.


"ක්‍රිස්ටියානා පෙත්තක් ට්‍රයි කරලා බලන්න කැමතිද...? මම ඔයාට පෙති භාගයක් දෙන්නෙම්.. ඉස්සෙල්ලාම
 හින්ද ඒ ඇති..." පිට් එසේ කියමින් සිල්සිලි කොළයක ඔතා තිබු යමක් මා අත තැබුවේය.මා එසේ විවෘත කොට
 බැලූ විට දුටුවේ ඇසට නොපෙනෙන තරම් කුඩා කළු තිතක් වැනි දෙයකි. ඔවුන් ඉදිරිපිට එය පානය කිරීමට
 මා තුල චකිතයක් ඇති වුයෙන් මම වැසිකිළියට ගොස් එය පානය කළෙමි..."



ඇබ්බැහිය...

                       මෙය ක්රිස්ටියානාගේ තනි තටුවෙන් ඉගිලීමට ගන්නාවූ උත්සහයක් ලෙස නොසිතමි.මෙය 
ද්විපාර්ශ්වික හො බහුපාර්ශවීකව ලැබෙන්නා වූ ආලයක බිදීමක් නිසා ලැබුනාවූ ප්‍රතිපලයක් ලෙස සිතිය හැක.
දියණියක හා මවක අතර තිබෙන්නා වූ සම්බන්ධතා ඇත්විම තාරුණ්‍යයට පණ පොවමින් සිටින තනිවූ
දියණියක් නව සතුටක් සොයා යාම...සහ එම පරීක්ෂණයේදී ලැබගන්නා වූ ප්‍රසාදිතය  දිරවාගැනීමට නොහැකි
කමින් ඇබ්බැහියට‍ ලක්වීම මානව දැක්වේ.


"එකවරම මගේ ශරීරයේ අභන්තරය පුපුරායන්නාක් මෙන් මට දැනෙන්නට විය.ඊළඟ මොහොතේ මා
 කුඩාබෙලෙක්කයක් තුල සිරවී සිටින්නාක් මෙන් දැනෙන්නට වූ අතර, කිසියම් අයෙක් විශාල හැන්දකින්
 මා බෙලෙක්කය තුලින් එළියට ඇද දමන්නට තැත් කරනවා මෙන් මට දැනෙන්නට විය.වේගයෙන් ඇදීයන 
දුම්රියේන් නැගුණ ශබ්දය මට දරාගන්නට නොහැකි තරම් විය.දුම්රිය තුල වූ මගීන්ගේ මුහුණු මට පෙනුණේ 
විකෘති ආකාරයකට වූ අතර, ඒ දර්ශනය මා තුල බියක් ඇතිකළේය.මා තුල ඇතිවී තිබු විපර්යාසය ගැන මම 
කිසිවෙකුටත් නොකීවෙමි.මට අවශ්‍ය වී තිබුණේ මතත් සමග මා අවතීර්ණ වී සිටින මේ අරුම පුදුම ලෝකයේ 
හුදෙකලා වීමටය...."




අරමුණ මරණය නම්...

තම ඒකායන අරමුණ මුදුන්පත් කර ගැනීමට වෙර දරන ඇය, 



පළමුව අතටත් දෙවනුව කටටත් අවසානයේදී සියල්ලටත් විකිනෙන තත්වයට පත්වන්නේ තමන්ගේ
 ජන්කියෙකු ලෙස ගෙවන ජිවිතයේ අවසාන ප්‍රථිපලය ගැන දැන දැනය.විටෙක කරුම්මක්කාර හැසිරීමෙන්
 ඇත් වන්නට වෙර දරණ ඇය....නැවතත් එම වලෙහිම වැටෙයි.





"ඇහුණද ඩේට්ලෙෆ්.... අපි හෙරොයින් ගන්න එක නතර කරන්න ඕනැ."

 ඔහු එය අනුමත කළ අතර, අපි එකිනෙකාට තුරුලු වී නිදන්නට වීමු.

    පසු දින පාන්දර මම අවදි වුනෙමි, හිරු එළිය යාන්තමින් ජනේලය හරහා කාමරයට ගලා එමින් තිබුණි.

 අපි නැවතත් තුරුලු වී එකිනෙකාගේ අගපසග පිරිමදින්නටවූ අතර, එක වරම ඩේට්ලෙෆ් මගේ සිරුර උඩ
 නැග රමණයේ යෙදෙන්නට පටන් ගත්තේය.


  පසුදින පාසල අහවර වූ පසු මම සු දුම්රියපොළට ගියෙමි.දින තුනක් පමණ හෙරොයින් නොමැති ව සිටීම 
හේතුකොටගෙන හෙරොයින් එන්නතක් ගැනීමට මාතුල මහත් වුවමනාවක් ඇති වී තිබුණි.

"ඔයා ළග කුඩු ටිකක් නැද්ද?" මම ඩෙට්ලෙෆ් ගෙන් ඇසුවෙමි.

"ඔයාට දෙන්න මා ලග ඇති කුඩක් නැ....මිට පස්සේ මගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා...මම ඔයාට

ආදරෙයි, ඒ හින්ද මම කැමති නැ ඔයා ජන්කියෙකු වෙනවා දකින්න"



මෙහිදී කෙතරම් උත්සහයක් ගත්තත්, තමන්ගේ "ඇබ්බැහිය" වලකාලීමට ඇයට හැකිවන්නේ නැත.

එයට හේතුකාරකවන නේකාවිධ බලපෑම් ඇය අවට සහ තම මනසේම හොල්මන් කරයි...!

"මා ගිය පසු තවත් ඔබලාට කරදර කරන්නට කෙනෙක් නොමැත. 
මා සමීපව සිට මට ආදරය කල සිමොන...
ඔබට ආයුබෝවන් !!! "


සාතන්ගේ දියණියෝ කෘතියේදී යම් ආකාරයක අශුභ ක්‍රියාවක් මා දුටුවේනම්, මෙහි සියළුම මත්ද්‍රව්‍ය වල 
නම් එලෙසින්ම භාවිතා කිරීමයි.ඇතැම්විට මෙම ආත්ම වර්ජනාවට හරයක් මමගින් ලැබී ඇති අතර,
මදන මොද්කයෙන්, මලෙන් පටන්ගන්නා අපේ කොළුවනට මෙහි ඇති වට්ටෝරු දිව ඔසු වනු
නොවනුමානය.  



පොත ගැන....
පිටු- 250
ප්‍රකාශනය- ෆාස්ට් පබ්ලිෂින් / සුරස පොතක්